අපගේ සලින්ද, ඔහුගේ මිතුරෙකු වන විවේක් අපට ඔහුගේ වියදම්න් ලක්ශ 2,900,000.00 පමන වටිනා පිලිකා නාශක බෙහෙත් ලංකාවට එවන්න කැමැත්තෙන් පසුවන බව මාහට දැනුම් දුන්නා. ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල . එතැන් සිට අද දක්වා සලින්ද, චින්තක, විපුල, ලිහිනි, මොරවක යන අප කන්ඩායමේ සාමාජිකයන් පුදුම වෙහෙසක් මහන්සියක් කැපවීමක් දරා අද එම උත්සාහයේ මල්පල ගැන්වීමක් ලෙස දහස් ගනන් රෝගීන් ගේ ජීවිත බේරා ගැනීම සදහා එම බෙහෙත් අප රටට ගේමට හැකි උනා. මේ බෙහෙත් වලින් අඩක් දොස්තර ප්‍රගීත් මහතා වෙත ( 4 වන වතාවට කුරුණෑගල රෝහලේ පිලිකා රෝගීන් ට) සහ ඉතිරි කොටස දොස්තර මහසෙන් මහතා (පලමු වතාවට අනුරාධපුර රෝහලේ පිලිකා රෝගීන් ට )දෙනු ලබේ.




